Monday, February 15, 2016

මට අහිමි ඔබ... (කෙටිකතාව)

 
"ඒ මහේෂි.. අරයා කවුද?"

"ආ.. ඒ මගේ ඉස්කෝලෙ පරණ යාළුවෙන් බන්. මොකෝ අහන්නෙ? එයා ගැන හිත ගියාවත්ද!"

"නෑ මේ නිකන්.... උබට වැඩක් නෑනේ..."

"හා ඔහොම යමුකො ඉතින්.. හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළිපිටනෙ රජෝ...."

   ඒ උණුසුම් ඔක්තෝම්බරයෙ තවත් එක් සුන්දර දවසක්. එයාව මුලින්ම දැක්ක දවසෙම මගේ හිතේ එයා ගැන අමුතු හැගීමක් ඇතිවුනේ. එයා කොයි තරම් ලස්සනද.. අහිංසක පාටයි.. හරියට පුංචි මුවැත්තියෙක් වගේ. දැක්කම ආදරේ හිතෙන ලස්සන ඇස් දෙකක්. ඒ ඇස් දෙකට මං කොයි තරම් ලෝබ වුනාද.. ඒ මතකය අදටත් මගේ ඇස් ඉදිරියෙ චිත්‍රපටියක දර්ශනයක් වගේ මැවිලා පේනවා. ඒ තරම් මම ලබපු අත්දැකීම් ජීවමානයි. ඒ තරම් මගේ ආදරේ බොළඳ වුනා.

   එයාගෙ නම රශ්මි. මගේ හොඳම යාලුවන්ගෙන් එකියෙක් වුන මහේෂිගෙ මාර්ගෙන් තමා මට එයාව මුලින්ම දැන අදුරගන්න ලැබුනෙ. මුලදි මුලදී එච්චරම නැතත් ටික වෙලාවකින් අපි දෙන්නා හොඳට දොඩමලු වුනේ හරියට නිකන් අවුරුදු ගාණක් දන්න කියන අය වගේ. සංසාර බැඳීමක්දෝ කියලා මට හිතුන වාර අනන්තයි, අප්‍රමාණයි. ඒ තරම්ම අපි එකිනෙකාට ලංවුනා කිව්වොත් මම වැරදි නෑ. අපි හැමදෙයක් ගැන, හැම මාතෘකාවක් ගැනම කතා කළා, විවාද කළා. ඒ අතරෙ විටින් විට අපේ පහුගිය අතීතෙ ගැනත් දේවල් ඇදිලා ආවා. ඒ වගේම එක දවසක මට දැනගන්න ලැබුනා එයාගෙ වැළලිලා ගිය තවත් එක් මතකයක්. ඒ එයාගේ කලින් ආදරේ ගැන.

"අනේ ප්ලීස් ශානක, මම ඔය සබ්ජෙක්ට් එකට පොඩ්ඩක්වත් කැමති නෑ.. මට මතක් කරන්නවත් එපා."

"ඇයි රශ්මි ඔයා එහෙම කියන්නේ.. අපි හැමකෙනෙක්ටම වැළලිච්ච ගඳ ගහන අතීතයක් තියනවා තමා. ඔයා කැමති නම් විතරක් කියන්න, මං ඕන තරම් වෙලාවක් අහගෙන ඉන්නම්. අකමැති නම් ප්‍රශ්නයක් නෑ... මං ඔයාට බලකරන්නේ නෑ."

"හ්ම්... කියන්නම්.. හැබැයි ඔයා ඊට පස්සෙ මං දිහා ගොඩක් පිළිකුලෙන් බලයි...."

"බයවෙන්න එපා මැට්ටි.. මම එහෙම හිතන්නෙ නෑ බිඳක් වත්.."

   එදා එයා මට කිව්ව දේවල්... මට හිතාගන්න බැරි වුනා ඒ මොන වගේ නරක අත්දැකීමක්ද කියලා. කොල්ලෙක් විදියට තවත් කොල්ලෙක් කෙල්ලෙක්ට ඒ වගේ පහත් දෙයක් කළා කිව්වම මට ඇතිවුනේ ලොකු කේන්තියක්.. ලැජ්ජාවක්. කෙනෙක්ට තවත් කෙනෙක්ව බිඳවන්න පුළුවන් සීමාවක් තියනවා. ඒත් මේ තරම්? මේ අහිංසක කෙල්ල මොන තරම් දුකක් හිතේ හිරකරන් ඉන්න ඇද්ද? අසරණී හැඩූ කඳුලෙන්ම විස්තරේ කියලා ඉවර කළා. ඒ වෙලේ මට දැනුන ෆීලින්ග් එක මටවත් හිතාගන්න බැරි තරම්. ඒ තරම් හයියක් මගේ හිතට ලැබුනෙ කොහෙන්ද කියලා හිතන්න ප්‍රමාද වෙන්නැතුව මං කතා කළා.

 "අඩන්න එපා රශ්මි. දුක් වෙලා වැඩක් නෑ. වෙන්න තියන හැමදෙයක්ම දැන් වෙලා ඉවරයිනෙ.. ඔයා තනිවෙලා නෑ ළමයෝ. කවුරු නැතත් ඔයාට මම ඉන්නවා.. මම කවදාවත් ඔයාව තනිකරන්නෙ නෑ..."

"මං ඔයාට ආදරෙයි රශ්මි...."

"පිස්සු කතා කරන්න එපා ශානක. මං ඒ තරම් පහතට වැටිලා නෑ කවදාවත්.. වෙන කෙනෙක් කරපු දේකට ඔයා දඬුවම් විඳින්නෙ මොකටද? මට ඔයාට ආදරේ කරන්න බෑ. මේ මගේ පවු.. ඒවා ඔයා කරගහගන්න එපා. මට වගේ නෙමේ ඔයාට හොඳ ජීවිතයක් තියනවා.."

"රශ්.. මාව ඒ තරම්ම බාල්දු කරන්න එපා. මං මේ දේ අවංකවමයි ඔයාට කිව්වෙ.. ටිකක් තේරුම් ගන්න ළමයෝ..."

.......................................................................



   එදා අපි රෑ වෙනකල්ම ෆෝන් එකෙන් කතා කළා.. ගොඩක් දේවල්.. ඒ දේවල් තාමත් මට ඇහෙනවා වගේ......

"ශානු..."

"හ්ම්ම්..."

"මාව කොහේහරි එක්කගෙන යන්නකෝ..."

"කොහෙටද මං සුදු මැණිකව එක්කගෙන යන්න ඕන?"

"කොහෙහරි.. ඔලුව හැරිච්ච තැනක.. මාව මේ නපුරු මිනිස්සුන්ගෙන් ඈතට අරන් යන්න.."

"අනා මෙයාගෙ හුරතලේ.. හරි අපි යමුකො එහෙනම්.. මං ඔයාව ලෝකෙ වටේම හරි එක්කගෙන යනවා.."

"මැට්ටා.. ඔහොම කියනකොට මට ඔයා ගැන ආදරේ හිතෙනවා......."

   එයා එහෙම කිව්වා. ඒ වචනෙ අහගන්න නේද මං මෙච්චර කල් පෙරුම් පිරුවෙ කියලා මට හිතුනා.. ඒ තරම් සතුටක්.... එදා ඔයා මගේ පෙම්වතිය වුනා. අන්ධකාරෙන් වැහිලා තිබ්බ මගේ ජීවිතේට ආලෝකයක් වුනේ ඔයා.. කොහොම මං අමතක කරන්නද......

....................................................................... 


   පහුවදා.. වෙනදට වඩා ගොඩක් ප්‍රබෝධමත්ව මං ඇහැරුණේ. ඊයේ රෑ සිද්ධවුණ දේවල් නිසා පුදුම සතුටකින් මගේ හිත පිරිලා ඉතිරිලා ගිහින් තිබ්බෙ. මං රශ්මිට කෝල් කළා.. ඒත් එයාගෙ ෆෝන් ඕෆ්.. "තාම නිදි ඇති" මං මටම එහෙම කියාගත්තා. ඒත් දවල් වෙනකනුත් එයාගෙ ෆෝන් වැඩ නෑ.. මගේ ඔලුව නිකන් යකාගෙ කම්මල වගේ වුනා. අනේ මගෙ සුදු මැණිකට මොකක්හරි කරදරයක් වත්ද? දැන් මං මොකද කරන්නේ?? මට හිතාගන්න බැරි වුනා.

හවස හතරට විතර එයාගෙන් කෝල් එකක් ආවා....

"සුදූ.. ඔයා කොහෙද ළමයෝ හිටියේ? මං පුදුම විදිහට බය වුනේ.. කී සැරයක් කියලා ඔයාට මන් කතා කළාද??"

"ශානු මට සමාවෙන්න..."

"ඇයි රත්තරං එහෙම කියන්නේ? මොකක්හරි ප්‍රශ්නෙකින් නේද ඔයා ඉන්නෙ? කියන්න මට ප්ලීස්.."

"ශානු අපි මේ සම්බන්ධේ නතර කරමු.. අපිට තව දුරටත් මේ වගේ එකට ඉන්න බෑ.."

   අපායට හෙන ගැහුවා වගේ මේ කිව්ව කතාව ඇහුවම මං තක්බීර් වෙලා ගියා. කිසිම දෙයක් හිතාගන්න බැරුව දෙලොවක් අතරෙ අතරමං වෙච්ච මෝඩයෙක් වගේ මං බෙරිහන් දුන්නා.

"ඒත්, ඇයි රත්තරන් ඔයාට මගෙන් අයින් වෙන්න ඕන? මට කියන්න ප්ලීස් මොකක්ද මගෙන් වුන වැරැද්ද?"

"ඔයාගේ කිසිම වරදක් නෑ ශානු.. මට අද රන්දික අයියා කතා කළා.. එයා අතින් වුන හැම වැරද්දකටම එයා මගෙන් සමාව ඉල්ලුවා. ආයෙ කවදාවත්ම මාව රිද්දන්නෙත් නෑ කියලා එයා මට පොරොන්දු වුනා.. මම එයාට හා කිව්වා ශානු.. අනේ ප්ලීස් මට එයාව ඕන"

   මම කල්පනාවට වැටුනා.. මීට කලිනුත් මං ආදරේ කරලා තියනවා.. ඒ අය මාව දාලා යද්දී මං ඒ අයව කොයි තරම් බැමි දාලා හිර කරගන්න හැදුවත් ඒ හැමකෙනෙක්ම මගෙන් ඈතට ගියා.. ඒත් මම කොහොමද ඔයාට යන්න දෙන්නෙ? මං ඒ හැමකෙනෙක්ටම වඩා ඔයාට ආදරේ කළා.. ඒත් ඔයාගේ සතුට මං ළග නැත්තන්.....

"මං ඔයාට මුළු හදවතින්ම සුබ පතනවා රශ්මි. මට ඕන ඔයා ගොඩක් සතුටින් හිනාවෙලා ජීවිතේ ගෙවනවා දකින්න.. ඔයා ජීවිතේ සතුට හොයාගෙන යද්දි ඔයාව නවත්තලා හිරකරගන්න ත‍රම් මං කුහක නෑ.. ඔයාට අවංකවමයි මං ආදරේ කළේ.. සතුටින් ජීවත් වෙන්න..."

...................................................................... 





හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා

තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ
එදා මතකය සිතේ අහුරා..
කාටවත් නොපෙනී අඳුරේ
ඉකිබිඳිමි රහසේ
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා

සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ
ඈත මීදුම් අතර සඟවා
යන්න ප්‍රිය ලඳුනේ
හද සුසුම් පවනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

......................................................................

ප.ලි
මගේ ජීවිතේ එක් මතකයක් වෙනස් විදිහට අකුරු කරන්න දැරූ උත්සාහයක්.. සාර්ථකත්ය හෝ අසාර්ථකත්වය තීරණය කිරීම පාඨක ඔබට බාරයි...
(මෙහි නම්, ගම් සියල්ල මනකල්පිතය)

19 comments:

  1. පුදන කොටම කාපි (former) යකා!

    ReplyDelete
    Replies
    1. හික් හික්.. ඔහොමත් දේවල් තිබුනා කියලා ලෝකයා දැනගන්න එපැයි බං අයියෙ.. මට මේක කතාවක් විදියට හදලා දාන්න ඕන වුන නිසාම තමා දැම්මෙත්.. මේ ටකරං කාලා දැන් පුරුදුයිනෙ ඉතින් දැන් මං ටිකක් පරිණත මිනිහෙක්.. ;)

      ප.ලි ය දාපු එකෙන් කතාවෙ අගය අඩු වුනා වගේද?

      Delete
  2. මන් උබේ කලින් බ්ලොග් එකට ආවේ නම් නෑ... මේකටත් එන පලවෙනි වතාව ලිපි දෙකම කියවලා උබ ගෙන පොඩි අවබෝදයක් ගත්තා.....

    මාරු කොල්ලෙක්... කාටද මේවගේ ආදරේ දෙන්න....
    උබ ලියන විදිය මරු... මචන්. ජයවේවා.

    ඉස්සර බ්ලොග් එක තාමත් තියෙනවද..
    මේ බ්ලොග් එක අපේ සින්ඩියට දාගත්තා. අවුලක් නෑනේ.... අවුලක් තියෙනවනම් කියන්න.
    karakoppuwa.blogspot.com

    ReplyDelete
    Replies
    1. එල මචන්.. ප්‍රශංසාවට ගොඩක් ස්තූතියි.. උබේ වදන් මට ලොකු ශක්තියක් ඉස්සරහටත් මේ වගේ දේවල් ලියන්න..

      ඉස්සර බ්ලොගේ තියනවා.. හැබැයි ඒක ලියන කාලෙ මට ලොකු අත්දැකීම් තිබ්බෙ නෑ.. ඉතින් ලියපුවා සමහර දේවල් පිස්සු විකාර :D ඕනේ නම් ගිහින් බලපන් වෙලාවක

      http://mathakamawatha.blogspot.com/

      කිසි අවුලක් නෑ බං.. සින්ඩියේ නම විතරක් කියහන් ඒ ඇති ;)

      Delete
  3. මං දාන්න ආව කොමෙන්ටුව ඩූඩ් අයිය ආල නෙ හෙහ්
    සෝචනීයයි සෝක බරිතයි ජාතියෙ එන්ඩ් එකක්
    දුක හිතුණා සත්තලනේ
    හිහි

    ReplyDelete
    Replies
    1. ඩූඩ් අයියා ඉස්සර වී ඇත.. සොරි තමා
      මට කවදාවත් සුපිරියි නියමයි ජාතියෙ එන්ඩ් එකක් තිබ්බ කතාවක් දැනට තිබිලා නෑ බන් (ඉස්සරහට තියෙයි ඉතින්)

      දුක හිතන්නෙපා සත්තලන් ඕවා ඔහොම තමා :D

      Delete
  4. ඔන්න ඉතින් බොස් නංගියත් රිංගුව දෙවෙනි සැරේටත් ලයිය මහත්තයගෙ කටු අකුලට​...ලියන භාෂා පොජ්ජ බොසා වන මගේ බොක්කටම වැදුනු බව සතුටින් දන්වා සිටිමි..හැක් හැක්...ලස්සනයි ලයි ලයි ලයි ලයි මහත්තයා..

    ReplyDelete
    Replies
    1. මම මුලින් හිතුවෙ බොසෙක් කියලා.. බලද්දි බොසියෙක්නෙ මෙයා :D
      ලිවීම ගැන දක්වපු අදහසට බෝම ස්තූතියි..

      ලයි ලයි ලයි ලයි.... හම්මේ.. නරකම නෑ ඒකත් :P

      Delete
    2. බොසීට බොගක් තියේද?

      Delete
  5. මෙක ලසියාගෙ අත්දැකිමක්නම් ඉතින් ලස්සන කතාවක් කියන්ට බෑ නෙහ් (තිත්දෙකයි ඇලඉරක්)

    ReplyDelete
    Replies
    1. අත්දැකීමක් වුනත් ලස්සනයි කියපන් :D ලසියා නෙමේ බ්‍රෝ ලයියා..
      අත්දැකීම් වුනත් කාලෙකට පස්සෙ මතක් වෙද්දී හෙන ගතියක් තියනවා.. පුංචි වේදනාවක් නැත්තෙමත් නෑ ඉතින් බන් ;)

      Delete
  6. ලස්සනයි .. අර අන්තිමට දාපු සිංදුවනම් ඉස්සර අහද්දී මොකක්ද වගේ මොකක්දෝ දුකක් හිතේ හිරකරනවා.දුක හිතෙන නිසාම ඒ සින්දුව වැඩිය අහන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි හංසි.. ඒ සිංදුව ගැන නම් ඉතින් කියලා වැඩක් නෑ :D මේ පරපුරේ ගායකයෙක්ගෙන් බිහිවෙච්ච පට්ටම තේරුමක් තියෙන හිතට වදින එකක්.. නෝමල් බූට් සින්දු වගේ නෙමේ :D මට වුනත් වෙලාවකට අප්සට් මේක අහද්දී.. හැබැයි නිතරම වගේ මට මේකම කියවෙනවා..

      Delete
  7. ලයියා ...............

    අදයි බ්ලොගය පැත්තට ආවේ.. අගෙයි.... සින්ඩියටත් දා ගත්තා. ඒක තවත් අයට පාර කියාවි..... සුභ පැතුම්..

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි මචං කුරුටු.. වෙල්කම් අබ්‍රෝඩ් එකක් වේවා :D
      දිගටම එන්නෝ..
      ජය වේවා!!!

      Delete
  8. අදයි මේ පැත්තේ ආවෙ. හරිම ලස්සනයි . දිගටම ලියන්න . ජයවේවා !

    ReplyDelete
    Replies
    1. වෙල්කම් මෙතූ.. බෝම ස්තූතියි ඈ.. :D
      දිගටම මේ පැත්තෙ එන්න..

      Delete
  9. වෙල්කම් බෑක් ලයියො. දිගටම ලියහං...

    ReplyDelete
    Replies
    1. තැන්කූ ඩ්‍රැකීයො.. පුළුවන් හැමවෙලේම පෝස්ටුවක් ඔබන්නම්..

      Delete