Thursday, March 10, 2016

කළු පෙට්ටිය (18+)

   අඩොව්.. 18+ කිව්වනෙ. පොඩි එවුන් පලයල්ලා ඈ ගුටි නොකා. අන්තිමට හදිසි කම්පන, හෘදයාබාධ එහෙම නැත්තන් බොලාට නූල් බඳින්න වුනොත් එහෙම මං දන්නෙ නෑ.. ආ ඔය ලොකු මහත්තුරු ටික කූල් වතුර බෝතලයක්, රටකජු ගොට්ටක් එහෙම අරගෙන ඔය මුල්ලකින් වාඩිවුනා නම්.....



   ඔන්න ලෝක රූ රැජිණ තරඟයක් අවසාන වෙලා ඒකෙ පළවෙනි ස්ථාන 3 ගත්තු රූ රැජිණියෝ තුන් දෙනාට ප්‍රංශයට ගුවන් සවාරියක් හම්බ වුනාලු.. මේ කෙල්ලො තුන් දෙනාගෙන් එක්කෙනෙක් තායිලන්තයෙ, එක්කෙනෙක් ඉන්දියාවෙ, අනිත් කෙනා සෝමාලියාවෙලු.. ඔන්න නියමිත වෙලාවට ප්ලේන් එක එයාර්පෝට් එකෙන් පිටත් වුනා..


   ගමනෙ බාගයක් දුර යනකල් ප්‍රශ්නයක් ඇතිවුනේ නෑ.. ඒත් ටික වෙලාවක් යද්දි ගුවන් නියමු තැනගෙන් අනතුරු ඇඟවීමක් ආවා.. "අප ගමන් කරන මේ යානයේ යාන්ත්‍රික දෝෂයක් ඇතිවෙලා. යානය කඩා වැටෙන්නයි යන්නේ" මේක අහපු රූ රැජිණියෝ තුන්දෙනාම හොඳටම බය වුනාලු.. තම තමන්ගෙ ආගමික දෙවිවරු සිහි වුනාලු..

   යානය දැන් පාලනයෙන් තොරයි.. මේ අතරෙ ඉන්දියාවෙ රූ රැජිණිය මේක් අප් දාන්න පටන් ගත්තා.. අනිත් දෙන්නා මේ විකාරෙ දිහා බලන් ඉන්න බැරිකමට අහනවා පිස්සුද මේ වෙලාවෙත් මේක් අප් කරන්නෙ? ඔළුව හොද නැද්ද? ඉන්දියාවේ රූ රැජිණිය කියනවා "මේකනේ, ගැලවීමේ හමුදාවෙ අය ආවම ඒ අය ඉස්සෙල්ලම බේරගන්නෙ ලස්සනම මූණ තියන කෙනාව, ඒ කියන්නෙ මාව තමා" කියලා..

   ඒ කතාව අහන් හිටිය තායිලන්තෙ රූ රැජිණ තමන්ගේ උඩුකය ඇඳුම ගැලෙව්වා.. දැන් අනිත් දෙන්නා බලනවා මෙයාට හැදුන පිස්සුව මොකක්ද කියලා.. එයා කියනවා "ගැලවීමේ හමුදාවේ අය ආවම මුලින්ම බේරගන්නෙ ඔය කාවවත් නෙමේ, ලස්සනම රණහංස යුවල අයිති කෙනාව තමා" කියලා..

   සෝමාලියාවේ රූ රැජිණ මේ හැම පුරාජේරුවම අහන් හිටියා.. ගැලෙව්වා තමන් ඇඳගෙන හිටිය ඇඳුම.. දැන් එයා උපන් ඇඳුමෙන්.. ඇඟේ නූල් පොටක්වත් නෑලු.. අනිත් දෙන්නා ඇහුවා ඒ ගමන ඔයාට මොකක්ද මේ වුනේ කියලා.. එයා කියාපි.....

"ඔය දෙන්නට හොඳටම පිස්සු.. ගැලවීමේ හමුදාව ආවම කරන්නේ ඔය කිසිම දෙයක් නෙමේ.. ඒ අය මුලින්ම හොයන්නෙ එකම දෙයයි.. ඒ තමා කළු පෙට්ටිය"..


ප.ලි
දාන්න පෝස්ට් එකක් හිතුනෙ නෑ.. ඉතින් කලින් අහලා තිබුන කතාවක් දාන්න හිතුනා ;) රෙද්ද උස්සන් එන්න එපා ඈ....

30 comments:

  1. කලු පෙට්ටිය...මරු මරු..හික්...වැටෙද්දි පෙට්ටිය..එක්කො ඕනෙ නෑ..

    ReplyDelete
    Replies
    1. හික්.. පෙට්ටි කිව්වම අරුත් බෝමයි :D
      වෙල්කම් මචෝ මේ පැත්තට!

      Delete
  2. අද මේ පැත්තට ආවේ එල මචෝ කළු පෙට්ටිය රැක ගනින් ජය වේවා .

    ReplyDelete
    Replies
    1. එල මචං දිගටම වරෙන් මේ පැත්තෙ..
      ජයවේවා!

      Delete
    2. දිගටම එනවා මචෝ දෙන්නම අලුත් දිගටම ලියමු ජය වේවා.

      Delete
  3. Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  4. Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. මකන්න එපා බං.හෙලුව පෙන්නපන් හැමෝටම.

      Delete
    3. පවු කියලා හිතුනා බන්...

      Delete
  5. අර උඩ කමෙන්ට් කරල තියෙන එකා දැක්කම හිනා යනව නෙ බං උගෙ නමටම හරිය කමෙන්ටු දාන්න කැමති පොරක්ද කොහෙද.. හැක්...
    (දැං මූ රෙද්ද උස්සං මෙහෙ එයිද දන්නෑ හැක්)

    සෝමාලියාවෙ එකක් කෝමද රූ රැජි ගියෙ කියල මං තාම කම්පනා කොරන්නෙ හිහි
    හැබැයි මොලේ ඇති බුලට් එකක්

    ReplyDelete
    Replies
    1. බලාගෙන :D මුල් ළමාවිය සංවර්ධනය වෙලා නැති එකෙක්ද කොහෙද බන්.. නැත්තන් පොරට මාන්දම..
      බය වෙන්න එපා දැන් එන්නෙ නෑ.. රෑට බබාගෙ තාත්තා ගෙදරලු නේ.. බබා නෝටි වැඩ කරන්නෙ නෑලු..

      හෙහ්.. සෝමාලියාවෙත් ඉන්නවා බොල ලස්සන කෙලි පැටික්කියෝ..
      බොරුනම් ගිහින් බලපන්..

      Delete
  6. හුකෑස්...!!!

    කතාවත් මරු, සමහර කමෙන්ටුත් මරු...

    ReplyDelete
    Replies
    1. හුකෑස්...
      හරි මාන්දමිකයි නේ... :D

      Delete
  7. පට්ට කතාව කටු....

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතී කුරුටු...

      Delete
  8. ඇයි අයියේ කොටු ගොඩක් දාලා තියෙන්නේ (ප්‍රශ්නාර්ථයක්) මට මෙවා තෙරෙන්නෙ නැහ් (තිත්දෙකයි තුන)

    ReplyDelete
    Replies
    1. අඩේ -_- මේ ඉන්නෙ ගැලවීමේ හමුදාවේ ලොක්කා..
      ඉතින් අපිටත් කිව්වා නම් විස්තරේ...
      කළු පෙට්ටිය තාම යහතින් තියනවද??

      හොද වෙලාවට උබට තේරුනේ නෑ :)
      බ්ලොග් එක ලියපං මනුස්සයො..

      Delete
  9. ඉතින් කලු පෙට්ටිය හම්බවෙලාද බං?

    ReplyDelete
    Replies
    1. හම්බෙලා බන්..
      හැබැයි හොයාගද්දීත් පෙට්ටිය කැඩිලා ඉවරයිලු.......

      Delete
  10. අප්පද බොල​...කියවල ඉවර උනාට පස්සෙ නෙව දැක්කෙ 18+ එකක් කියල​...හික්...දාන්න පෝස්ට් එකක් හිතුනෙ නෑලු..ඒක නිසාලු දැම්මේ..හා හා මෙයා කියනවා අපි අහනවා....හැක් හැක්

    ReplyDelete
    Replies
    1. මේ වගේ පොඩි උන් ඉතින් අපි 18+ කියලා දැම්මත් බලනවා, නොදැම්මත් බලනවා.. මේවා විජාතික බලවේගවල ප්‍රතිඵල...... :3

      Delete
  11. කලු පෙට්ටි හොයන ගැලවීමේ හමුදාවක් ඇහුවමයි ඕයි.

    ReplyDelete
  12. ලියන එකක් නෑ මෙන්ඩො.

    ReplyDelete