Saturday, February 13, 2016

යා යුතු මග බෝමයි (ආරම්භක කතාව)

සභාවෙන් අවසරයි!

සහෝදරවරුනි...

   කාලයක් බොහොම ආසාවෙන් කරපු දෙයක් මොකක්ම හරි ජල්තරයක් නිසා මග හිටලා, තව කාලෙකට පස්සෙ අර ආස දේ ආයෙම කරන්න ලැබුනම කොහොමද හිතට දැනෙන සතුට? කියලා නිම කරන්න බෑ නේද? බ්ලොග් ලිවිල්ල ගැනත් මට තියෙන්නෙ ඒ විදිහෙම අත්දැකීමක්.. ඔව්, ඒ කියන්නෙ මේ මගේ මුල්ම බ්ලොගේ නෙමෙයි.. මම මීට කලිනුත් බ්ලොග් ලියලා තියනවා.. මතක මාවත එහෙමත් නැත්තන් මං ඒ දවස්වල කරපු බ්ලොගේ පටන් ගත්තේ පට්ට ආසාවකින්.. ඒ දවස්වල බ්ලොග් පෝස්ට් එකක් දාන්න මං එසේ මෙසේ කට්ටක් නෙමේ කෑවෙ.. පොඩි කොම්පියුටර් ලඩියක් තිබ්බා මට, ගොඩක් වෙලේට පෝස්ට් දැම්මෙ ෆෝන් එකෙන්.. ෆෝන් එකෙත් සිංහල යුනිකෝඩ් තිබ්බෙ නෑ -_- සමහර දවස්වලට දාන පෝස්ට්වල පට්ට මිස්ටේක්ස් තිබ්බා..

"ඉතින් බලහන්කො නේ ඒකෙත් හැටි.."

   එහෙමත් ලිව්ව මං පස්සෙ පොඩි පොඩි හුටපටවල පැටලුනා :3 ඔව් එව්වා තමා.. ඉතින් ඒ නිසා ලිවිල්ල ටිකක් පස්සට ගියා.. පස්සෙ කාලෙක ඒ හුටපට ලටපට වෙලා අවසන් ගමන් ගියා කියහන්කො.. මං එතකොට කළේ මට හිතට එන දේ කොයි විදිහට හරි ගලපලා බ්ලොගේ පෝස්ට් එකක් විදියට දාපු එක.. ටික කාලෙකින් මගේ පෝස්ට් මටම හෙන ඇලජික් වුනා.. ඉතින් මං මේකෙන් ඈතටම වෙලා ඉන්න තීරණය කළා.. ඒ අතරෙ උසස්පෙළ විභාගෙත් කට ළඟටම ඇවිත් තිබ්බෙ.. මගේ විභාගෙට කිසිම සූදානමක් තිබ්බෙ නෑ.. ඉතින් කෙළවුනා මිත්‍රවරුනි :( ඊට පස්සෙ හිත ටිකක් සන්සුන් කරන් මම දෙවෙනි පාරත් විභාගේ ලියන්න ලැස්ති වුනා.. ඒ කාලෙ වෙද්දි මම සෑහෙන වෙනස් චරිතයක් වෙලා හිටියෙ.. බැනලා නෙමේ ගහලාවත් මොකෙක්ටවත් මාව බිමට ඇදලා දාන්න බෑ කියලා මං තදින්ම හිතාගෙන හිටියා.. දෙවි පිහිටෙන් ඒ පාර එක්සෑම් එකෙන් මං ගොඩ ගියා.. ^_^


මම @ ඉගිලෙන ඉරියව්වෙන්

   අද වෙද්දී මං බ්ලොග් ලිවිල්ල නවත්තලා අවුරුදු දෙකකුත් පහුවෙලා ගිහින්.. බ්ලොග් ලියන්න ආසාවක් නොතිබ්බා නෙමේ, කිසි කික් එකක් තිබ්බෙ නෑ මට ලියන්න.. ඊයේ අපේ ක්ලාස් එකේ බ්ලොගක් කරන කොල්ලෙක් එක්ක කතා කරන් යද්දී මට ආයෙ පට්ට කික් එකක් ආවා ලියන්න.. ඒ කික් එකේ අග්‍රඵලය තමා මේ ;) ඒ කාලෙ ෆිට් එකේ හිටපු සෙට් එකට මාව දැන් මතකද මන්දා.. මගේ ඩෙනිම ලියන ඩූඩ් අයියට නම් මාව ලාවටද කොහෙද මීටරේ තිබ්බා.. ඩූඩ් අයියා ඒ කාලෙ මට පට්ට හෙල්ප් එකක් දුන්නා පෝස්ට්වල වැරදි හදාගන්න.. ඒ විතරක් නෙමේ සුමිත් අයියා, නලින් අයියා, ලොකු ජෝන් අයියා, කරූ, අටමා, මාතලන්, ධාරා, හැලපයියා වගේම නම් කියන්න බැරි වුන බොහෝ දෙනෙක් මට වචනෙන් හරි ධෛර්යය දුන්නා ඒ කාලෙ.. ඒ වගේමයි මුල්ම කාලෙ බ්ලොග හරියට අටවගන්න සප් එක දුන්න තහනම් අඩවියෙ රජාවත් මතක් කරනවා (නැත්තන් පොර උදහස් වෙන්න බැරි නෑ).. ඒ කාලෙ බ්ලොග් ලිව්ව සෙට් එකෙන් කීයෙන් කීදෙනෙක් දැන් බ්ලොග් ලියනවද කියලවත් මං දන්නෙ නෑ..අනිත් උන්ගෙ බ්ලොග් අස්සෙ රිංගන්න ගන්නවා ආයේ ඔව් ^_^

   අවසාන වශයෙන්, පරණ බ්ලොගේම පෝස්ට් නොදා අළුත් බ්ලොගක වැඩ පටන් ගන්න යන්නෙ ඇයි කියලා කිහිපදෙනෙක්ම මගෙන් ඇහුවා.. සිරාවටම කිව්වොත් මට ඕන වුනා පරණ දෙයින් මිදිලා අළුත් විදිහට පටන් ගන්න.. හැමදාම ඕන වුනා පරණ ගොන්කම් අත් ඇරලා අළුත් මිනිහෙක් වෙන්න, එදත් අදත් ඒ පැතුම නම් එහෙම්ම තමා.. මේකට කටු අකුල කියලා දාන්න හිතුනෙත් හේතුවක් ඇතුව.. මගේ අදහස අනුව කටු අකුල = මම ඇතිකරගෙන තිබ්බ ප්‍රශ්න.. කටු අකුලක වැටිලා ඉන්න තාක් කල් අපිට රිදෙනවා, තුවාල වෙනවා, ඒ තුවාල ආයෙම පෑරෙනවා.. ඒත් මම යනු කටු අකුලක් මැද්දෙ ඉදලා ඒ වේදනාව මැඩගෙන එතනින් එලියට ආව එකෙක්.. ඒ කියන්නෙ ජීවිතේ ඉස්සරහට යන එකෙක්.. :D

ප.ලි
හැමකෙනෙක්ම මතක් කරන්න බැරි වුන එක ගැන කවුරුත් අමනාප වෙන්නේ නැති වෙයි කියලා මං හිතනවා.. එහෙම ලේසියෙන් මුල අමතක කරන එකෙක් නෙමේ මං :) දැන් උබලට දුම්මල ගහලවත් මාව එලවන්න බෑ..

එහෙනම් හැම කෙනෙක්ම මේ පොඩි සංග්‍රහය භුක්තිවිඳලා ඉමුකෝ...


ඔව් උබලා වෙනුවෙන්ම ඕඩර් කරපුවා.. රසද බලහන්..

12 comments:

  1. අලුතෙන්පටං ගත්තත් පරණ එකම ලෝස් නැතිව ඇදන් ගියත් මොන දේටත් මග නොහැලී ඉස්සරහට යනේකයි වෙන්ට ඕන...
    අපි නං හිච්චි කොලුවො වෙච්චි.. ඉතිං බොලාව අමතකයි කියල හිත නාක් කොරගන්ට කාරි නැතුවා. ( අමතක වෙන්නත් දැකල කරල තියෙන්න එපැයි නැද්ද බං)

    දිගටම බොලත් එක්කම ඉන්නව කීව හෙනං
    මට පාර කියපු රූපයටත් තෑන්ක්ස්...

    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. මතක නෑ කීවට මම ඒකත් කියවල තියෙයි බොලං.හැක්
      දැංනෙ දැක්කෙ..
      සංතෝසේ බෑ... :-D:-D:-D
      සෝක ජනකයි සදාහරිතයි කීවලු

      Delete
    2. හම්මට මහේෂ්.. උබද මේ රූපයගෙ යාළුවා කිව්වේ :D සන්තෝසයි ඈ..
      මට නම් උබව තාම මීටර්.. මාත් ඒ දවස්වල අවන්හලට ගොඩවැදිලා තියනවා..

      බොගක් පැත්තෙ එන්නවත් බැරි වුනා කාලෙකින්.. එන්නම්කො දැන් ;)
      සෙට් වෙමු ඒනම් කොල්ලා..
      ජය සිරි මංගලම්!!

      Delete
  2. උඹ මාවත් මතක් කිරීම ගැන බොහොම ආඩම්බරයි. අපි කොච්චර වයසට ගියත් අගය කරනවා අහන්න ආසයි.

    පුනරුප්පත්තියට බොක්කෙන්ම සුභ පැතුම්. ඔන්න මම බ්ලොග් රෝල් වලත් එල්ලලා උඹේ බ්ලොගේ මැම්බර් කෙනෙකුත් වුනා.
    හිට් කවුන්ටරේකුයි, බ්ලොග් රෝලකුයිත් එල්ලගනිං ඔය ගමන්ම.

    ඒ එක්කම තව දෙයක්.

    මේ ලෝකෙ හැම දේම වගේ අපිට එන ප්‍රශ්ණත් තාවකාලිකයි. මටත් කොච්චරවත් අමතක වෙන දෙයක් තමයි ඕක උඹට කිව්වට.

    උඹේ බ්ලොගට ජයම වේවා.

    ReplyDelete
    Replies
    1. :D එහෙම තමා අපි මුල මතක මිනිස්සු අයියෙ.. බොහොම ස්තූතියි ප්‍රාර්ථනාවට.. බ්ලොගේ පොඩි වැඩ කෑලි ටිකක් දාලා තව හදලා ගන්න ඕන.. ඔහොම යමුකෝ ;)

      උබ ඒ දවස්වල ඉදන් මගේ පෝස්ට්වල දාපු කමෙන්ට්ස් මගේ හිතට වැදුනා ගොඩක්.. ඒත් මම ඒ කාලෙ එච්චර ඒවා තේරුම් ගන්න ගියේ නෑ(වයසේ වැරැද්ද නෙහ්) දැන් තේරෙනවා.. ජීවිතේ ගැන අත්දැකීම් බහුල මනුස්සයෙක් විදිහට කෙනෙක් ඉන්න තත්ත්වයෙන් තවත් පහලට වැටෙන්නැති වෙන්න කියන්න ඕන දේ කියන්න පුළුවන් හැකියාව උබට තියනවා.. ඒ ගැන පට්ට සන්තෝසයි..

      ජය වේවා!!

      Delete
  3. අර උඹර පන්තියේදී හම්බවුන බ්ලොග් ලියන එකාගෙන් පරිස්සම්වෙලා දිගටම ලියපන්.අපි ඉන්නම් දිගටම.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් වයසක මිනිස්සු වෙච්චිකොට පුළුවන්නම් උඹේ ෆ්‍රොන්ට් සයිස් එක වෙනස් කරපන්.

      Delete
    2. සාදරයෙන් පිළිගන්නවා සහෝ.. හී පන්තියේ එකාගෙන් පරිස්සම් වෙලා ඉන්නෙ කොහොමත්.. නැතුව බෑනේ..

      ඊලග පෝස්ටුවේ ඉදලා ෆොන්ට් සයිස් වැඩි කරන්නම් ;)

      Delete
  4. ඕං ලයියා මහත්තයගෙ කටු අකුලට රිංගපු first time එක මේක..

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා බොසී :D
      දිගටම එන්න...

      Delete
  5. එහෙනං අපිත් එල්ලුනා ඈ දිගට හරහට ලියන්ට පුලාන් වෙවා (තිතක්)

    පාර කිවුවේ කැරකොප්පුවේ මුරකරු (තිතක්)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා රංගන බ්‍රෝව :D දිගටම එන්නෝ..

      ඒ ගමන් සිංහ මචන්ටත් ස්තූතියක් දානවා!!!

      Delete