එහෙනම් කතාව අහමු නේ...
![]() |
මෙන්න ඇක්සිඩන්ට් :D |
මීට මාස එක හමාරකට විතර උඩදී, දවසක මගේ ලොකු අයියා අම්මට කෝල් එකක් දීලා තිබ්බා. අයියා පිට රටක ඉන්නේ. ඉතින් එයා අම්මගෙන් අහලා තිබ්බා මේ දවස්වල එයාගෙ නැන්දම්මයි, මාමණ්ඩියි ලංකාවෙ ඉන්නෙ, එයාලා ආයෙ යනකොට එයාලා අතේ ඔය පොඩි පොඩි කුළුබඩු කළමනා ටිකක් එවනවද කියලා. අම්මා ඉතින් කැමති වෙලා මට විස්තරේ කිව්වා. මට පාරට පයින් යන්න කම්මැලි හිතුන නිසා මං අම්මට කිව්වා මල්ලි ආවම ඌත් එක්ක ත්‍රීවීල් එකේ යමු කියලා. මල්ලිට ඩ්‍රයිවින්ග් පුලුවන්. මගේ ඇස් ඔපරේටඩ් කරලා තිබ්බ නිසා මං පාරේ ගියෙ ආවෙත් හෙන බයෙන් ඒ දවස්වල... ලොකුවට පෙනීම තිබ්බෙ නෑ :( (දැන් නම් ශේප්) ඉතින් අම්මත් ඒ කතාවට අනුමැතිය දීලා මල්ලි එනකල් බලන් හිටියා.
මල්ලි ඉස්කෝලෙ ගිහින් ඇවිත්, හවස ජිම් එකටත් ගිහින් ඇවිත් ඔන්න අපි රෑ 10ට විතර යන්න ලැස්ති වුනා. අපි ප්‍රධාන පාර කිට්ටුවට ආවා. ඒ කිට්ටුවම පල්ලිය තියන නිසා මං මල්ලිට කිව්වා ඔය හරියෙ වාහනේ නවත්තන් ඉදපන් මමයි අම්මයි අරගෙන එන්නම් කියලා. වැඩ්ඩා වගේ එළවන් ආවට ලයිසන් නෑනෙ ඕකට. කොළඹ-නුවර පාරෙ මේ වෙලේට පොලීසියෙන් ඉන්නවා. කොහොම වුනත් මූ එතන නවතින්න කැමති වුනේම නෑ. ඉතින් අපි අතුරු පාරෙන් ප්‍රධාන පාර පැත්තට හැරෙව්වා..
අපේ පිටිපස්සෙන් කාර් එකක් ඇවිත් අනිත් සයිඩ් එකට යන්න සිග්නල් කරපු නිසා මල්ලි වාහනේ ප්‍රධාන පාරෙ අයිනට කරලා නවත්තලා කාර් එකට ඉඩ දුන්නා. ඊට පස්සෙ මූ වාහනේ ප්‍රධාන පාරට දාන්න ඇක්සලේටර් එකට අත තියන්න හැදුවා විතරයි එකපාර පිටිපස්සෙන් වැදිච්ච තද පාරකින් අපිව හෙල්ලිලා ගියා. බලද්දී කාර් එකකුයි, තව ත්‍රී වීල් එකකුයි. මටයි මල්ලිටයි මල අතේ.. යකෝ පාර අයිනෙ නවත්තලා තිබ්බ වාහනේ. අනික තාත්තා ජීවතුන් අතරෙ හිටපු කාලෙ පරිස්සමෙන් පාවිච්චි කරපු වාහනේ.. ඉතින් අපි ගේමට ගියා.. තව ගෙවල් පැත්තෙ අඳුරන කොල්ලෙක් අපිට එකතු වුනා. උගේ පස්සෙන් තව සෙට් එකක් ආවා. දැන් අරුන් ෆුල් කොර..
අනිත් ත්‍රීවීල් එකේ ඩ්‍රයිවර් විස්තරේ කියලා තමුන් අතේ වරදක් නැති බව ඔප්පු කළා. ඒ යකා එතන U හැඩේ වංගුවක් අරන් තියෙන්නෙ. සිග්නල් හිටං දාලා.. කාර් එක මේන් රෝඩ් එකේ විදගෙන ඇවිත් තියෙන්නෙ 80න් එහාට. කාර් එකේ අයිතිකාරයා ඌ නෙමේ. ඒ මදිවට ඒ යක්කු බීලා. අර ත්‍රීවීල් එක බේරන්න අපේ පැත්තට හැරෙව්වා කියලා උන් කියනවා. ඒකෙන් වාහන 3ටම ඩැමේජ්.. කොහොම හරි මුලින් ටිකක් සද්දෙන් කතා කරපු ඩබල ටික වෙලාවකින් සයිලන්ස් වුනා. වරද උන්ගෙනෙ. ඉතින් අපි ඉල්ලුවා හොඳ වන්දියක්.. අම්මා නම් කිව්වා 50,000ක් වත් ඕන කියලා. හැබැයි කාර් එක ඩ්‍රයිවින්ග් කරපු එකා කිව්වා ඌට එච්චර දෙන්න බෑ කියලා.. 20,000ක් දෙන්නම් කිව්වා උපරිම.
අපිත් ඉතින් ඇරියෙ නෑ. 50ක්ම ඉල්ලලා හිටියා. කාර් එකේ ඩ්‍රයිවර් කාරයා සල්ලි ගේන්නම් කියලා මල්ලියි අම්මයි තව දෙතුන් දෙනෙකුයි එක්ක ගියා උගේ ගෙදර. ඒ අස්සෙ ආවා කාර් එකේ අයිතිකාරයා. ඌ ටිකක් නාහෙට නාහන ටයිප් එකේ පොරක්. හිටපු ආමිකාරයෙක්ලු.. මූ එතනින් වාහනේ ගෙනියන්නම දැඟලුවා. අපි ගෙනියන්න දුන්නෙ නෑ.. ඉතින් ඔතන හිටපු එකා දෙන්නා ටිකෙන් ටික ගෙවල් බලා යන්න පටං ගත්තා.. කාර් එකේ අයිතිකාරයා එක්ක ඇවිත් හිටියා උගේ යාලුවෙක්.. මුන් සේරම හොඳට බීලා.. ඒ පොර අපිව කතාවට අල්ලගත්තා. අපිට එහෙට යන්නත් නෑ, මෙහෙට යන්නත් නෑ.. කේන්තිය නිසා ඌට ගහන්නත් ගියෙ.. ඒ අතරේ කාර් එකේ අයිතිකාරයා වාහනේ ස්ටාර්ට් කරන්, යනවා දැක්කා.. මං ෆුල් හොල්මන්. මොනා කරන්නද ඉතින්.....
ටිකකින් කාර් එක ඩ්‍රයිව් කරපු එකා අපේ අම්මලා එක්ක ආවා. මං හිතුවෙ මූ දැන් 50ක්ම දෙන්න තමා යන්නෙ කියලා.. බලද්දී මූ 20ම තමා දෙන්නම් කියන්නෙ.. පස්සෙ එතන ආයෙ කෑගහගන්න ගත්තා කියාන්කෝ.. අන්තිමට කාර් එක ඩ්‍රයිව් කරපු එකාගෙ යාලුවෙක් ට්‍රැෆික් පොලීසියට කතා කරලා දෙන්නෙක් ආවා පොලිස්කාරයො.. ඇවිත් විස්තර සේරම කතා කරන් ඇහුවා කවුද ත්‍රීවීල් එක ඩ්‍රයිව් කළේ කියලා.. පස්සෙ මල්ලිට ලයිසන් තිබ්බෙ නැති නිසා අපි දන්න කොල්ලෙක් ඉදිරිපත් වුනා ඌ ඩ්‍රයිව් කළේ කියලා.. ඊට පස්සෙ පොලිස්කාරයො කිව්වා වාහනේ පොලීසියට ගෙනියමු කියලා.. පස්සෙ අපි හැමෝම ගියා පොලීසියට.. යකෝ, බලද්දී පොලීසියෙ ලොක්කො ටික එහෙට මෙහෙට වැනෙනවා.. බලද්දී අරුන් බීලා තියෙන්නෙ පොලිස්කාරයොත් එක්ක. මොන මගුලක්ද...
![]() |
මෙන්න මෙහෙමයි මුන් |
අන්තිමට පොලිස්කාරයො ටික කේස් එක ශේප් කළා.. අන්තිමට අපිට 20ත් අරන් එන්න වුනා හැරිලා.. දැන් හිතෙනවා ඒක හරි හම්බුන එක ලොකු දෙයක් කියලා.. මොකද අපේ වාහනේ ෆුල් ඉන්ෂූරන්ස් කරලා තියන නිසා අපිට ක්ලේම් කරලා හදාගන්න පුළුවන් නෙහ් :D
ප.ලි
අවවාදයයි - බීමතින් රිය නොපදවන්න
ටට්ට රාාාා......දඩෝං.....හපොයි හැප්පුනා නේද.....හික්ස්...මරු ඇක්සිඩන් එක ආ...ලස්සනයි විස්තරේ....
ReplyDeleteහම්මෝ.. විස්තරේ නම් ලස්සන ඇති.. හැබැයි විස්තරේ කියන්න එදා මං ඉතුරු නොවුනා නම් තවත් ලස්සන වෙයිද මන්දා :P තැන්කූ බොසී..
Deleteබීමතින් රිය පදවන්න එපා හොදේ..
හිකිස්..ගලේ ගහලවත් මරන්න ඇහැකිය කියල මට නම් හිතෙන්නෙ නෑ...ලයි ලයි කියන නිසාම ඔන්න ඔහේ බීලා වෙරි හිඳුනමම drive කරන්නන්කො මීට පස්සෙ...හැක් හැක් හැක්
Deleteලයි ලයි කියලා දෙපාරක් කියවෙන්නේ... මොකෝ.. පොඩි ගොතයක් එහෙම තියෙනවයි.
Delete@බොසී - ගලේ ගැහුවොත් මැරෙනවද බලන්න ගලක ගහලම බලන්න ඕන ඉතින් :P හොදයි මගේ උපදෙස් අරන් එක්කෙනෙක් හරි වෙනස් වුන එක ගැන සන්තෝසයි.....
Delete@සිංහ - එයාට ඕනම දෙයක් ඩබල් කියන පුරුද්දක් තියෙනවා මගෙ හිතේ..
Deleteඔවු බීලා වාහන එලවන්ට හොද නෑ බැරිවෙලාවත් වමනේ එහෙම ගියොත් බීපු ටිකත් අපාරාදේ (තිතක්)
ReplyDeleteඋබ බොන්නෙ කබරයා දාන්න හිතාගෙනමද :3
Deleteඉස්සරනම් බීලා වාහනේ ඩ්‍රයිවු කරනවා.ඒත් දැන් අවුරුදු 3-4ක ඉදන් මැරුවත් කරන්නේ නෑ.වෙන මොකක්වත් හින්දා නෙමෙයි.එහෙම යන වෙලාවක කාටහරි අනතුරක් සිද්දවුනොත් වැරද්ද කාගේ උනත් කවදවත් මට, මටම සමාව දීගන්න බැරිනිසා.
ReplyDeleteපාරේ යූ ටර්න් ගහන එකත් වැරද්දක්.ඒක දැනගත්තේ 2005දී යූ ටර්න් එකකදී වාහනේ හප්පගන රු.13500ක් දඩ විදිහටත් ගෙවලයි.අනතුරක් වලක්වා නොගත්තාට 1500යි. යූ ටර්න් එකට 12000යි
අඩේ.. එච්චර ලොකු දඩයක් ගහනවද බන්.. ඒ වුනාට මං හිතුවෙ සමහර තැන්වලින් යූ ටර්න් දාන එක ලීගල් කියලා.. එතකොට වැරදිලාවත් පාරෙ අනිත් පැත්තට යන්න ඕන වුනොත් මොකෝ කරන්නෙ??
Deleteඒ විදියට හිතලා හැම මනුස්සයෙක්ම ඒ වරද නොකර හිටියා නම් අද වෙද්දි මාර්ග අනතුරු සෑහෙන අඩුයි බන්..
බොනවනම් පොලිස් කාරයොත් එක්ක බොන්න.
ReplyDeleteඇඹිලිපිටිය පෝලෝසිය තමයි හොද...
Delete@ලලිත් - අනිවා බන් :D
Delete@සිංහ - අන්න හොදම තැන :D
Deleteඔය ලොකු ලොකු මිනිස්සුත් එක්ක ඔය වගේ වෙලාවල් වලදී ගනුදෙනු කරන්න පට්ට අමාරුයි. අපි ඉල්ලන ගාන දෙන්නෙම නෑ... 30 ඕනනම් 50ක් වත් කියන්න ඕන.
ReplyDeleteඒක ඇත්ත බන්.. වැඩේ මෙහෙම ශේප් වුන එක හොදා :) මොකද වාහනේ අවුල් ටික හදාගන්න ගියෙ 10යි.. ඒකත් ඉන්ෂූරන්ස් එකෙන් ක්ලේම් කළා..
Deleteපට්ට කථාව, මේ ඇත්තම සිද්දීයක්නේ?
ReplyDeleteඑලම කුකුලෝ..
Deleteඔව් බන් සත්‍ය සිද්ධියක්....
පාර අයිනේ නවත්තගෙන ඉන්න එකත් අන්තිම රිස්ක් එකක් වෙන වෙලාවල් තියෙනවා. නමුත් හැම තිස්සෙම විකල්ප නෑනේ.
ReplyDeleteඒක ඇත්ත අයියෙ.. විශේෂයෙන් ලංකාවේ.. අපේ රටේ උන් හොදට ඩ්‍රයිවින්ග් දන්නවනෙ..
Deleteසමහර මිනිස්සු ඔය අයිනෙනුත් ඉස්සරහින් යන වාහන ඕවර්ටේක් කරනවා..
පරිස්සමෙන් බං........... පරිස්සමෙන්
ReplyDeleteඅනිවා බන්....
Deleteවිස්සක් නරක්වෙලා තියෙයි
ReplyDeleteමේකනෙ බන් වටේ හිටපු උන් ටික එවෙලෙ අපිව ඇවිස්සුවෙ විස්සෙන් මොනා කරන්නද අඩු ගානෙ තිහක් හතලිහක්වත් යනවා කියලා ආයෙ හදන්න..
Deleteඉතින් අපිත් පෝම් වුනා...
බීලා එලවලා අනතුරක් උනොත් ලොකුම අසාදාරණේ වෙන්නේ නොබී ඇව්ත් අනතුරට මුණ දෙන්න උන මිනිහට.
ReplyDeleteඅනිවාර්යයෙන් බන්
Deleteඅවවාදයයි - බීමතින් රිය නොපදවන්න
ReplyDeleteහොඳ වැඩක් ලයියාෙ !
බෝම ස්තූතියි මෙතූ :)
Delete