Friday, March 4, 2016

මිත්‍ර ප්‍රතිරූපක

   උබලගෙ සෙට් වල වුනත් ඉන්නවා ඇතිනෙ බොරුවක් වුනත් ඇත්තක් විදියට ලෙසටම කරකවලා කියන එකෙක්.. අපේ පැත්තෙත් ඉන්නවා එහෙම බුවෙක්.. ඌ හැබැයි ටොම් පචයෙක්ම විතරක් නෙමේ මිත්‍රවරුණි.. පිස්සෙක්, හොරෙක්, ගෑනු පෙරේතයෙක්, ඒ වගේම හැම තැනකම මුලසුන දරන්න ට්‍රයි කරන එකෙක්.. නමක් දාන්න ඕන නිසාම අපි ඌට සනම් කියමුකො :3 ඉතින් මේ සනම්ගේ වත, අහගන්න හැමෝම වටවෙලා..

   පොර අපේ ගමට එද්දි මට වයස 8ක්,9ක් වගේ ඇති මගෙ හිතේ.. පොර මට වඩා අවුරුද්දක් බාලයි.. කරුමෙට උගෙයි මගෙයි දෙන්නගෙම උපන්දිනේ එකයි ඈ -_- ඒකෙන් කාරී නෑ.. ආපු මුල් දවස්වල නම් හෙන පොර වගේලු ඌ හිටියේ :3 පස්සෙ ඉතින් ඒ ලයින් බැස්සා.. කාලයක් යද්දී ඌ මාවයි ම්ල්ලිවයි අදුරගත්තා.. අපි එකට සෙල්ලම් කළා ඒ කාලෙ.. පොර අපේ ගෙදර එනවා සමහර වෙලාවට.. එක දවසක්, මං 6 වසරෙ මතක හැටියට.. මට ඒ කාලෙ රෙස්ලින් කාඩ් එකතු කරන පිස්සුවක් හැදිලා තිබ්බා බරටම (කාඩ් 1000කට වැඩිය තිබ්බලු :3) ඉතින් ඒ කිව්ව දවසෙත් අරූ ආවා.. ටිකක් ඉදලා ගියා.. හවස් වෙලා ආවා මාත් එක්ක කාඩ් මාරුකරන(අපේ බිස්නස් එක) එකෙක්.. ඔය වෙලේ කාඩ් මිටි ටික අරන් බැලුවම අම්මට සිරි ගෙඩි පිටින් කාඩ් දෙසීයක් තුන්සීයක් මිසින්ග්.. පස්සෙ කල්පනා කරලා බලද්දී මට මීටර් වුනා මූ කාඩ් ටික තිබ්බ බෑග් එක හරියෙ කැරකි කැරකි හිටියා කියලා.. අතටම මාට්ටු.. මං උන්ගෙ අම්මටත් කිව්වා මූ මෙහෙම කළා කියලා.. ඒත් මං හිතන්නෙ නෑ ඒ ආන්ටි ඒක ගානකටවත් ගත්තාය කියලා.. එදා ඌට දෙකක් දීලා ඇගිලි ටික තැලුවා නම් ඕකා එතනින් නවතින්න තිබ්බා..


   කාලයක් ආශ්‍රය නොකර හිටියා.. ගෙවල් ළග එකා නිසා නිතර හම්බවෙනවනේ ඉතින්.. කතා බහ වෙනවා.. මොකෝ ඌ කොහොම එකෙක් වුනත් ඌට ඔරෝගෙන පාරේ යන්න කියලා යැ.. තරහා හිතේ තියාගෙන ඉදලා කෝමත් මට පුරුදු නෑ(මට කෙළවුණ තැන).. ඉතින් ඔහොම ඕකා ආයෙම සෙට් වුනා.. ඒ සැරේ මගේ ෆෝන් කට්ටේ මෙමරි චිප් එක නැති වුනා.. ආයෙම කාලෙකින් කතාබහ කරනවා.. ඒ සැරේ මල්ලිගෙ මල්ටි චාජර් එක නැතිවුනා.. ඉතින් ඔය හැමදේකින්ම අවසානේ මං තේරුම් අරන් හිටියේ අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්න හොද නෑ කියලා.. ඊටත් වඩා මට ඕකගෙ අල්ලපු නැතිම දේ නයි ඇරිල්ල.. බොරුව ඇත්ත කරලා කියන්න පට්ට දස්සයි මූ.. එක පාරක් මට කෙල්ලෙක් දෙන විදියට ලව් ලෙටර් එකකුත් දීලා අන්දන්න හැදුවා -_- ඔය සීන් නිසා මං ඕකව අතෑරලම දැම්මා.. 

   පස්සෙ කාලෙක ඕකා මගේ වෙන ගෙවල් පැත්තෙ යාලුවෙක් එක්ක සෙට් වුනා.. ඌ පට්ට ගොන් චරිතෙ.. මූ නිසා ඌ අම්බානක පරිප්පු කාලා ඇති.. කාලයක් මුන් දෙන්නා හිටියේ ගෑනියි මිනිහයි වගේ.. ගේ සීන් ද කියලත් අපිට නොහිතුනාම නෙමේ :3 පහු පහු වෙද්දී කොහු කොහු වෙන්න ගත්තලු ඉතින්.. මූ එක සැරයක් අර කොල්ලා එක්ක ප්‍රශ්නයක් ඇදගෙන වෙන කට්ටියක් ලව්වා ඌට ගැස්සුවා.. දෙතුන් පාරක්ම.. ඌට විරුද්ධව අනිත් කොල්ලෝ ඇවිස්සුවා.. මං කිව්වනෙ ඌ ටිකක් ගොන් කියලා.. ගුටි කාගෙනත් මූ අරූ තාම ආශ්‍රය කරනවා.. උගේ හැම දෙයක්ම අරූට දෙනවා :3 අන්තිමට ඌ හිගන්නා වගේ ඉන්නවා.. පස්සෙ දවසක සනම් අර කොල්ලගෙ ෆෝන් එක උස්සලා තිබ්බා.. එදා මමයි, මල්ලියි දෙන්නම ගෙදර.. ඉතින් අපිත් ගිහින් මූව හෙව්වා.. සනම්ගේ ගෙවල් පැත්තට ගිහින් බලද්දී මුගේ ආච්චි ගේ ඉස්සරහ ඉදන් කියනවා ඌව දැක්කෙවත් නෑලු.. කෝකටත් අපි ගිහින් හෙව්වා.. බලෙන්ම වගේ.. බලද්දී මූ ගෙදර ටොයිලට් එක ඇතුලට වෙලා හැංගිලා ඉදලා.. අපි ටොයිලට් එකේ දොර ඇරියම මූ හෙන ගොන් හිනාවක් දාගෙන එලියට ආවේ.. ඉස්සුවෙ මගේ ෆෝන් එක නම් ඕකව බාවනවා මං :3 ඒත් අර ගොනා ඌට සමාව දීලා ආවා.. ඉතින් අපි පැනලා ගහන්නද? අපිත් ආවා..


   මට මූ ගැන කියන්න හිතුනෙ මේකයි.. මේ කාලේ අපිට ටිකක් අමාරු කාලයක්.. රීම් එකෙන් තමා යන්නෙ ඉතින්.. සනම් මේ ලගදි ආවා අම්මට ත්‍රීවීල් පදින්න උගන්නන්නම් කියලා.. මගේ ඇස් ඔපරේෂන් කරලා තිබ්බ නිසා මට ඕවා කරන්න පුලුවන් තත්ත්වයක් තිබ්බේ නෑ.. මල්ලි එච්චර ලොකු උනන්දුවක් තිබ්බේ නෑ අම්මට මේ ටික කියලා දෙන්න.. ඉතින් මූ කියලා දෙන්න කියලා ඇවිත් ගෙදර හැමෝම ටිකක් එහෙ මෙහෙ වෙනකල් ඉදලා අම්මගේ පර්ස් එකට කෙලලා ගිහින් තිබ්බා.. අම්මා මූ ගැන දන්න නිසා සෙවිල්ලෙන් හිටියේ.. ඒත් ගෙදර මිනිස්සුන්ගෙ ඇස් වහලා ඌට ඕන දේ කරගන්න ඌ හොදට දැනගෙන හිටියා..

   අම්මා පොරට බැන්නේ වත් නෑ.. බැනලා තේරුමක් නෑ.. කවදාවත් හැදෙන එකෙක් නෙමෙයිනේ.. එදායින් පස්සෙ අද වෙනකල් තාම ඕකව ගෙදරට වද්දගත්තේ නෑ.. මොනාටහරි ආවොත් එළියෙදිම කතාකරලා හරවලා යවන එක තමා මං කරන්නෙ.. 


   අපේ ගෙදර විතරක් නෙමේ, ගෙවල් කීපෙකම ඕකා ඔය විදියට කරලා මාට්ටු වෙලා තියනවා.. අදට වුනත් ඒ පැත්තෙ මිනිස්සු අතරෙ මූට හොද කාඩ් එකක් තියනවා.. නම කිව්වොත් ගේකට නම් වද්දගන්නවත් එපාය කියලයි ලොකු පොඩි ඕන කෙනෙක් කියන්නෙ.. හැබැයි අපේ ගමේ යෞවන සමාජෙත් ප්‍රධාන සංවිධායක මූ :3 මොනා වුනත් පොර ප්‍රසිද්ධයි ඉතින් :p හොඳින් හෝ නරකින්......


ප.ලි
ඩේටා පැකේජ් එක කලින් ඉවර වුන නිසා පෙබරවාරි මාසෙ පෝස්ට් 4කට සීමා වුනා.. මේ මාසෙත් මුල් දවස්වල ටිකක් බිසී වුනා.. අද තමා ටිකක් ටයිම් ලැබුනෙ එන්න..

අර බ්ලොග්කරුවන්ගේ සම්මාන උළෙලට එන්න මගේ පොඩි අදහසක් තියනවා.. ඒ සම්බන්ධව හොදටම දන්නා කෙනෙක් මාව ටිකක් දැනුවත් කරානම්...

21 comments:

  1. :D

    බැරිද සනම් ව පොලිටික්ස් වලට දාන්න?

    ReplyDelete
    Replies
    1. හී..
      කියන්න බෑ ඕකා ඉස්සරහට පොලිටික්ස් වලටත් එයිද කියලා බන් :3

      Delete
  2. Mona magulakda kala pattarayak kiyawwa wage

    ReplyDelete
    Replies
    1. කැලෑ පත්තරේක වුනත් පොඩි ආතල් එකක් තියෙනවනෙ ඇනෝ ;)

      Delete
  3. අපොයි ලයියටත් වෙන්නෙ මාර වැඩ තමයි....

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා මෙතූ.. ඔය වගේ දේවල්ම තමා වෙන්නෙ අපිට..

      Delete
  4. සුට්ටක් වත් කම්මැලි නෑ..ආසවෙන් කියෙව්වා මම නම් ලූලෝ...ආ නෑ නෑ වැරදුනා සුට්ටක්..ලයියා මහත්තයා..හික්...පෝස්ටුව එළකිරි..

    ReplyDelete
    Replies
    1. හී.. බොසා කවද්ද මගේ පෝස්ට් එකක් කම්මැලියි කිව්වෙ :p ආසාවෙන් කියෙව්ව එක ගැන සතුටුයි ඈ..
      මට නමක් තියනවා බොල -_-

      Delete
  5. ලයියා............... එලස්....

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතී කුරුටු..

      Delete
  6. ඔච්චර හරියක් කරලත් නිකං ඉන්නේ පිස්සුද බං

    ReplyDelete
    Replies
    1. ගමේ එකානේ බන්.. ඕකා අපෙන් නැතුවට ගොඩක් මිනිස්සුන්ගෙන් හොදට කාලා තියනවා ඔය වයසට..

      Delete
  7. ඔවා මානසික ලෙඩ බං.අපේ පවුලට ගොඩක් හිතවත් අංකල් කෙනෙක් ඉන්නවා.පැල්මඩුල්ල පැත්තේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්.ඒකා මේ ලඟදී අපේ අම්මාට කියනවා මම අහගන "අක්කේ,මේ පුරුද්ද මට අතෑරගන්න බෑ.අදටත් කඩේකට ගිහින් තේකක් බිවුවොත් වඩයක් හරි හොරෙන් කන්නමයි හිතෙන්නේ" කියලා.

    ReplyDelete
    Replies
    1. පුරුද්ද බන්.. පුරුදු වුනොත් වුනාම තමා.. එක එකාගෙ මානසික තෘප්තිය නෙහ්..
      ඔය කියන ඩයල් එක මාට්ටු වෙලා පාරක් දෙකක් කාලා එහෙම නැද්ද බන්?

      Delete
  8. මරු ලිවිල්ල, කම්මැලි නැතුව කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතී ලලිත්.. :)

      Delete
  9. ලත්තනයි, දිගටම ලියන්ඩෝ.

    ReplyDelete
  10. Oya jathiye ekek ape set eketh hitiya ban. U karapu kiyapuwa liyanna vidiyak nathuwa mamath me lathwenawa. U koyitharam prasidda porakda kiyanawan e katha liwwa gaman minissu dannawa me liyanne kawru ganada kiyala. Dan darumallo inna ekek nisa apahsa karanna barikamata noliya inne. Wena namak dala liwwath wadak naha porage keruwawal janathawa danna nisa.

    ReplyDelete
    Replies
    1. අඩේ එච්චර ප්‍රසිද්ධ එකෙක්ද බං? දාහන්කො වටිනවා :)

      Delete
  11. Oya jathiye ekek ape set eketh hitiya ban. U karapu kiyapuwa liyanna vidiyak nathuwa mamath me lathwenawa. U koyitharam prasidda porakda kiyanawan e katha liwwa gaman minissu dannawa me liyanne kawru ganada kiyala. Dan darumallo inna ekek nisa apahsa karanna barikamata noliya inne. Wena namak dala liwwath wadak naha porage keruwawal janathawa danna nisa.

    ReplyDelete