පටි ජොකා, එහෙම නැත්තන් සරල සිංහලෙන් කිව්වොත් මේ සපෝටර් කියන්නෙ අපි වගේ සල්ලි දීලා බර උස්සන්න යන උන්ට අත්‍යාවශ්‍යම දෙයක්. මේක සාමාන්‍ය අන්ඩ(ර්)වෙයා ටයිප් එකේම දෙයක් වුනාට විශේෂත්වේ කියන්නෙ මේකෙ පස්ස පැත්තට තියෙන්නෙ හීනි පටි දෙකක් විතරයි. හොඳට තද වෙලා හිටිනවා. ජිම් එකේ වර්ක්අවුට් එක ගහනවා නම් මේ දේ පැළඳීම අනිවාර්යයි (දැන් කියන්න එපා සපෝටර් නොදා සෙල්ලම් කරන උනුත් ඉන්නවා කියලා ඈ). මොකද නැත්තන් විවිධාකාරයේ අතුරු ආබාධ එන්න ලොකු ඉඩකඩක් තියෙනවා. සමහර දේවල් බහින්නත් ඉඩ තියනවලු :D ඔව් ඒක තමා... ඉතින් වටේ ගියා ඇති.. අද මගේ මාතෘකාව "පටි ජොකා අමතක වූ දිනයක්" ^_^
![]() |
මේ වගේ එකකට තමා පටි ජොකා කිව්වෙ :D |
මම ඉතින් සාමාන්‍යයෙන් ටිකක් කලබලකාරී මිනිහා. වෙලාවකට මං ගන්න දෙයක් තිබ්බ තැන අමතක වෙන අවස්ථා එමටයි. ඉතින් මිත්‍රවරුනි, දවසක් මං ජිම් යන්න ලෑස්ති වෙලා ඇඳුම් හොයනවා. ඇඳුම් එක එක කෑල්ල එක එක තැන්වල තමා පුරුද්දක් වශයෙන් තියෙන්නෙ. කොහොමහරි ඔය කෑල්ලෙන් කෑල්ල එක්කහු කරගෙන බෑග් එකේ ඔබාගත්තා කියමුකෝ. ටිකකින් ආවා මාත් එක්ක ජිම් එකට යන පොර, හවස් වෙලත් තිබ්බ නිසා අපි ටක් ගාලා ඇද්දුවා ජිම් එක දිහාට.
චේන්ජින්ග් රූම් එකට ගියා. සාමාන්‍යයෙන් මං ගෙදරින් පිටවෙන්නෙම සපෝටරේ දාලා තමා. හැබැයි එදා මට පොඩි බඩේ අවුලක් තිබ්බ නිසා මං ජිම් එකට ඇවිත් දාගන්න හිතාගෙන සපෝටරෙත් බෑග් එකේ ඔබාගත්තා (කියලා මතකයක් තිබ්බා). චේන්ජින්ග් රූම් එක කට්ට කළුවරයි. මං ඉතින් එහෙන් මෙහෙන් අතගාලා ඇඳුම් කෑලි ටික හොයාගෙන ඇඳගත්තා. ඒත් මට නිකමට වගේ දැනුනා මොනාහරි අමතක වුනාද කියලා. ඒ හින්දා කෝකටත් කියලා ඇඳන් ඉන්න ඇඳුම් ටික ආයෙම චෙක් කරලා බැලුවා. "හුටා සපෝටරේ දාලා නෑ යකෝ" මට උඩ ඉන්න දෙයියො සිහිවුනා. මර විකාරෙන් වගේ මං චේන්ජින්ග් රූම් එක අනිත් පැත්ත පෙරලන්න ගත්තෙ මේ පොඩි කෑල්ල කොහෙහරි අස්සකටවත් වැඩම කරලද කියලා බලන්න. මොන... නෑ දෙයියෝ...
අද මගෙ අනාගතේ ඉවරයි.........
මගේ යාළුවත් දැන් නිකන් ෆුල් අන්දොස් වෙලා මං දිහා බලන් ඉන්නවා. අඩෝ අද මට සෙල්ලම් කරන්න බෑ වගේ බන්......... මං මූට විස්තරේ කිව්වා. මූ කිව්වා උබ අද බර අඩුවෙන් දාලා ගහපන්. වැඩිය හිටගෙන සෙල්ලම් කරන්න එපා කියලා. එල එල එහෙම කරමු කියාගෙන මාත් ආවා. එන ගමන් මං ෆෝන් එකට ඔලුව දාලා අද දවසෙ සෙල්ලම් කරන්න තියන ලිස්ට් එක බැලුවම මට තරු පෙනුනා.
අද අත්වලට ගහන දවස, ඉඳගෙන ගහන්නෙ කොහොමද.........
මං ෆුල් අස්පට් මූණක් දාගෙන ජිම් එක ඇතුලට ආවා. මෙන්න අපේ ජිම් එකේ ලොක්කා ඉන්නවා ඉස්සරහ. තව දෙතුන් දෙනෙකුත් ඒ හරියෙ. අරූ ගිය ගමන් අයියගෙන් ඇහුවා අයියෙ සපෝටරේ නොදා සෙල්ලම් කළාට අවුලක් නෑ නේද කියලා. වස නෝන්ඩිය... එතන හිටපු උන් ටික නිකන් කින්ඩියට වගේ හිනා වුනා. හැබැයි ඉතින් අයියා මගෙ බය ඇරියා. :) එහෙම අවුලක් වෙන්නෙ නෑ මල්ලි. එහෙම වෙනවා නම් ඉතින් වෙන මොනාහරි අවුලක් තියෙන්න ඕන කියලා. කොහොමහරි ඒ වදන නිසාම මං එදා සෙල්ලම් කළා. ඉදලා හිටලා යටි බඩ මිරිකනවා වගේ පොඩි අමාරුවක් ආවා ඇරෙන්න, වෙන අවුලක් නම් වුනේ නෑ හරිය. ඔයින් මෙයින් සෙල්ලම් කරලා ඉවර වෙලා අපි ගෙවල් බලා එන්න පටන් ගත්තා.
මට තාම හිතාගන්න බැරි මගෙ අසරණ සපෝටරේට මොනා වුනාද කියලා. මට මතකයි ඒක මං බෑග් එකේ දාගත්තා. මගේ හිත කිව්වෙම චේන්ජින්ග් රූම් එකේ කොතන හරි ඕක වැටිලා ඇති කියලමයි. මට තිබ්බ එකම එක සපෝටරේ... දැන් මං ආයෙ අලුතෙන් එකක් ගන්නත් එපැයි....... ගෙදර යනකල්ම එක එක විකාර සිතුවිලි මගෙ ඔලුවේ ෆුට්බෝල් ගහනවා වගේ.. මං ගේ ළඟටම ආවා.. ඔන්න ගේ ඇතුලටත් ආවා..
මෙන්න යකෝ මේ යකා පුටුව උඩ....!!
--------------------------------------
ප.ලි
එහෙමයි වුනේ.. තාම මට කිසිම ප්‍රශ්නයක් නෑ.. හැබැයි කෝකටත් කියලා මං සපෝටරේ අමතක නොකර අඳිනවා..
කැරකෝප්පුව බ්ලොගේ කරන සහෝදරයට මං විශේෂ ස්තූතියක් කරනවා.. මම දන්නෙත් නෑ පොර මගේ ගැන උගෙ පෝස්ට් එකක දාලා තිබ්බා.. බොහොම ස්තූතියි මචන්.. මින් ඉදිරියටත් තවත් කෙනෙක් දිරිමත් කිරීමේ ශක්තිය උබට ලැබේවා කියලා මං පතනවා!!! උබලා වගේ උන් තමා ඉන්න ඕන...
එකෙන්ම!!!
මල්ලී මේ පැත්තෙන් මුවෙක් ගියා දැක්කද (ප්‍රශ්නාර්ථයක්)
ReplyDeleteඅපිත් යකඩ උස්සන කොල්ලෝ හින්දා තෙරුන්ගන්ට පුලාන් සපොටරේ නැති දවසට දැනෙන හැගිම (තිත්දෙකයි සිම්පල් පී)
පුතේ උබ මේ පැත්තේ ආවේ මොකෝ මේවා 18 plus
Deleteඉතිං මං කියෙවුවේ ලෑලේ (තිතක්)
Delete@රංගන බ්‍රෝ - උබට කිව්වනේ මෙහෙන් මුවෙක් ගියෙ නෑ කියලා -_- උබ හොරාට කතාව කියෙව්වා නේද ඈ :P
Deleteඒ කියන්නෙ උබත් සපෝටරේ නොදා සෙල්ලම් කරල තියෙනවා නේ.. ^_^
@සිංහ - එතකොට උබ ඉන්නෙ :3
Deleteමං කකුල් හතරේ එකෙක්නේ...
Deleteහුටා
Delete#දැන් මං ආයේ අලුතින් එකක් ගන්නත් එපායැ#
ReplyDeleteහම්මට සිරි හදිස්සියෙවත් ඕක හෝදලා වේලුනේ නැත්නම්...
ඕක හුටස් ගාල වේලෙනව බං
Deleteපස්සත් නෑනෙ. අපේ උං නිකනුත් ඇන්ද
පු** හුලං වද්නව මාර ෆන් කිය කිය
හෙහ් හෙහ්
හෙහ්..හෙහ්.... ඔහොම අදිනවට වැඩිය හොදයි නිකන් යන එක................
Deleteඇයි හොදන්නේ (ප්‍රශ්නාර්ථයක්)
Delete@සිංහ - වේලෙනවා බන්.. ඇඳ රෙද්දක් ඩෙනිමක් තරම් ලොකු නෑනේ ඉතින්..
Delete@mahesh - අන්න ඒකනෙ බන් කොහොමද ඒ ෆීලින්ග් එක ^_^ පුක ඒසී (පුක යනු කුනුහබ්බයක් නොවේ)
Delete@රංගන බ්‍රෝ - නැත්තන් වල්ල කුණු වෙනවනෙ :3
Deleteසපෝටරේ නං පට්ට භාන්ඩෙ බං. හිහි
ReplyDeleteඒසී කොලා වගේ සැපක්. හදිසියකට ගලෝ ගන්න ඕනෙත් නෑ කියල තමා අත්දැකීම් ඇත්තො කියන්නෙ. :-D :-D :-P
බරබාගේ බහින්න එක පාරට වඩා බර වැටෙන්න ඕන මං හිතන්නෙ ඒ කියන්නෙ දිගටම නිකං බර උස්සන උංට.
ඊට පස්සෙ අර නාකි එළුවගෙ වගේ තමා
වෙනසකට තියෙන්නෙ උඹේ පස්සෙං නරියෙක් වත් එයිද කියන එක :-P :-P
අපේ ගෙවල් කිට්ටුව ඉන්නවා වයසක සීයා කෙනෙක් මනුස්සයා පොඩී කාලේ ඉදලා බර උස්සන කුලී වැඩ එහෙම කරලා තියෙන්නෙ සීයා ඇවිදිද්දි සියට කලින් අරක යනවා දනිය ගාව තියෙන්නේ (තිත්දෙකයි කැපිටල් ඩී)
Delete@mahesh - එකෙන්ම ඉතින්.. සියලු පහසුකම් සහිතව තමා සපෝටරේ තියෙන්නේ.. සරලයි, පහසුයි..
Deleteකාලයක් යන්න ඕන තමා.. මම එදා ෆුල් කොරවෙලා හිටියෙ ඒ නිසා ඔව්වා එහෙම එකපාර ඔලුවට ආවෙ නෑනේ....
පල පල -_- එහෙම වෙන්නෙ නෑ..
@රංගන බ්‍රෝ - උබලත් ඔව්වා තමා නේ බලන්නෙ ඈ :P
Deleteයකෝ නිකං ඉද්දිත් ඕවා අදින්න එපා..... තිබ්බ තැනවත් හොයා ගන්න බැරිවෙයි....
ReplyDelete(තිත්දෙකයි සිම්පල් පී)
Delete@කුරුටු - මම නම් එහෙම නෑ බන්.. බර උස්සද්දි විතරයි..
Deleteසමහර උන් නම් ඉන්නවා නිතරම ඇඳගෙන ඉන්න උනුත්.. උන්ගේ සෙට් එක හාවෙලා ඇති නේ :P
ඊට වඩා කොච්චර ශෝයිද සරමක් ඇදන් හුළන් වැදි වැදී ඉන්න එක........හැබැයි අර පෙයිය පාන කම්පැනියෙන් මහපුවා ඇන්දොත්නම් ටිකක් අවුල්........
ReplyDeleteසරම ෂෝයි.. මට නම් සරම ඇඳන් ඉන්න අමාරුයි බන්.. අනික සරමක් ගහන් බර ඉස්සුවොත් කාලයක් යද්දී සරම කැහැපොට ගහන්න බැරිවෙයි (එල්ලෙන්න ගන්න නිසා)
Deleteපෙයිය පාන කිව්වෙ?
අයියෝ බන් ඒකාලේ ජනප්‍රියම කොම්පැනි එකනේ... 'පෙයිය පාන' අකුරු මාරු කරලා බලපන්...
Deleteතේරුනා ^_^
Deleteඔය බ්‍රෑන්ඩ් එකට ඉස්සර කිව්වේ ගන්ටාර මාක් සරොං කියලා.
Delete@ඩූඩ් අයියා - නිතරම ගන්ටාරේ වදින නිසා එහෙම කියනවා ඇති නේ??
Deleteජොකා නැතුව වේට් කරන්ඩ එපා බඩවැල් පාත් වෙනවා.
ReplyDeleteඔව් හැබැයි එකපාර එහෙම වෙන්නේ නෑ බන්.. :D
Deleteඇට බහි බලාගෙන, හිකිස්.
ReplyDeleteහික්.. ඔහොම තමා බන් හිතුනේ මට එවෙලෙ..
Deleteමේ පැත්තට අලුතෙන් නේද? වෙල්කම් කිව්වා ඈ
පෝස්ට් එකට අදාල නොවේ@
ReplyDeleteලොකු උදව්වක් කරලා තිබ්බා මචන්. ඒකට බොහොම ස්තුතියි! තවත් මේ වගේ උදව් කරන්න උබට ශක්තිය ලැබේවා....
සුළු දෙයක් මචං ;)
Deleteබ්ලොග් කියවනය හොඳට දියුණු කරපං.. අලුතෙන් ලියන උන්ට අත දීපන්..
ඒකයි ලොකුම දේ :D
මට face කොරන්න උනේ උණු හින්ද බොන්නත් බෑ කිරි හින්ද අහක දාන්නත් බෑ වගේ scene එකකට මේ වෙලේ මෙතනට රිංගල...post එක 18+ කියල තිබ්බේ නෑනේ..තිබ්බෙ 18+ වගේ කියල නෙව...මේ අවුරුද්දේ ජූලී දිහාවට බොසාට 18 බොල..ඒ නිස හිත හදන් කියෙව්වා...නිකන් දැක්කෙ නෑ වගේ යන්න හිත දුන්නෙ නෑ මට..ඔව්ව ගැන මම දන්නෙ නෑ ඔය උන්දැලා තරම්...ඒත් මට මැරෙන්න හිනා..හැක් හැක්..ජොලි අනේ ලයි ලයි...හිකිස්
ReplyDeleteඅයියෝ සල්ලි.. මේක පොඩි උන් සඳහා නෙමේ කිව්වනෙ :D හැබැයි ඉතින් මේකෙ මහාලොකු 18+ ගතියක් නෑ (මගේ වීව් එකට අනුව.. සමහරු අනං මනං කියයි කියලා හිතලයි ඒම දැම්මෙ) කෝමහරි මං සුබපතනවා බොසීට බෝම ඉක්මණට 18 ලබන්න කියලා ඈ :D හී
Deleteකොච්චර හොදද දැකලා, දැක්කෙ නෑ වගේ නොයන එක.. එහෙම තමා වෙන්න ඕන නේ ^_^ ජොලි නම් එච්චරයි..
මං හිතුවෙ ලොක්කගෙ පැල්පත කියලා දාලා තියෙද්දී බොහොම වියපත්, සද්ධන්ත, විවාහක කාන්තාවක් කියලා.. බලද්දි 18කුත් නෑලු :P
Deletepost එක කියෙව්වට වැඩිය හිනා දැන් මට ...හිකිස්..."බොහොම වියපත්, සද්ධන්ත, විවාහක කාන්තාවක්"..ඒකෙත් අමුතු කික් එකක් තියෙනව ලයි ලයි ලයි ලයි තුමා....හැක්..ජූලි වලින් පස්සේ ඕං 36+ එව්ව දැම්මත් මේ බොසී ඇවිත් කියවල කොමෙන්ටුවක් නොදා ගියොත් මම The Boss නෙවෙයි හරිය! හික් හික් හික්....ජය වේ ලයි !
Deleteමම මුකුත් කියන්නෙම නෑමයි......
Deleteයකෝ කොල්ලන්ට වඩා කෙල්ලන්ටනෙ මේ කතා කියවන්න වැඩි ආසාව :P සැක්
අමුතු කික් එකක් තියෙනවා කිව්වේ, යම් තරමක සත්‍යතාවයක් තියනවද බොසී :P
හප්පේ ඉඳල ඉඳල ලයි ලයිත් කිව්ව කතාවක්..ඒකට හරියන්න ඒ පාර බොසත් අහගත්ත හොඳවයින්...හැක්...මෙව්වට මක්ක කියන්නද මන්ද අප්පා...
Deleteඅනේ මන්දා අප්පා..
Deleteපට්ට කතාව ලයියා,මේ අමතක විම නම් මටත් ගොඩක් වෙලාවට වෙනවා,හදිස්සියට ඔවා කොහේ මතක් වෙනවාද
ReplyDeleteමම බන් හෙන අමාරුවෙන් ඔය ඕනෑම කරන ටික මතක තියන් ඉන්නවා.. කොහෙහරි මිසින්ග් එකක් වුනොත් නම් ඉතින් සොරිම තමා :( අමතක වීම නම් හොඳ දෙයක් නෙමේ සහෝ
Deleteහෙහ්, එක දවසක් හන්දා ඉතින් හොදයි. නැත්නම් අහවල් එක හොයන්න වෙන්නේ නෑ.
ReplyDeleteඅදයි මේ පැත්තේ ගොඩ වුනේ. ජය.
එකෙන්ම.. ආයෙ නම් අමතක කරන්නෙ නෑ බන් ලොවෙත්..
Deleteවෙල්කම් දිනේෂ්.. උබට මාව මීටර් නැද්දෝ..
උබ මගෙ කලින් බ්ලොගේට ඇවිත් තියේ..
ජොකා නැතුව හෙවි වේට් නම් ගහන්න එපා පුතේ...ජොකා නැතුව මැරතන් දුවපු අපේ එකාගේ කතාව මෙන්න ..
ReplyDeletehttp://ambalangodakatha.blogspot.com/2016/02/blog-post_34.html
ගහන්නේ නම් නෑ බන් අම්මේ..
Deleteඑල අනිවා එනවා ඒ කතාව කියවන්න :D
මම නම් ජිම් යන කාලේ සාමාන්‍ය සුදු ජොකා ලා ඇන්දේ...නැතිනම් අරක තද උනොත් පෙනෙනවා නේ....දැන් නම් කාලෙකින් ජිම් ගියේ නැහැ.....ඒ හින්දා ම ඒ දවස් වල චුටි කිරි පණුවා වගේ කෙට්ටු මම දැන් තඩි බඩේක් වේගෙන එනවා...ලැජ්ජාවේ බැහැ.
ReplyDeleteLucky Club Casino Site - Live Scores, Live Odds, Winning
ReplyDeleteLucky Club online casino website is an online casino owned and luckyclub operated by Lucky Club Limited. The site was created and operated by the
තව දාපන් මචෝ ජොකා කතා සැර මදි
ReplyDelete